දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ පවතින සේවක පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවන බවයි.
වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ද විශාල පිරිසක් විශ්‍රාම යාමට නයමිත බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
කෙසේ ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ,පුහුණු කාර්ය මණ්ඩල සේවකයින් සහ නියාමක ෂන්ටර්, කැබින්මන් වැනි මෙහෙයුම් කාර්ය මණ්ඩල සහ කාර්මික කාර්ය මණ්ඩල සීමාවන් හේතුවෙන් 50%ක පමණ පිරිසක් විශ්‍රාම යෑමට නියමිත බවයි.
මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට පවත්නා පුරප්පාඩු මෙන් දෙගුණයක් පමණ සේවක පුරප්පාඩු ඇති විය හැකි බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් වාර්තා කරයි.
