අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් හෙට (27) උදෑසන 10.00 තෙක් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.
හෙට (27) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්න තීරණය ගන්නා බවට එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කරයි.
එම සංගමයේ සභාපති සුමේධ සෝමාරත්න මහතා ප්‍රකාශ කළේ සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බවයි.
ඔවුන්ගේ ඉල්ලීම් වශයෙන් උසස්වීම් ලබාදිය නොහැකි නම් ඒ වෙනුවට ආවරණ දීමනාවක් ලබාදීම, දුම්රිය රියදුරන්ගේ අතිකාල ගණනය කරන ක්‍රමවේදයටම තමාටත් අතිකාල ගණනය කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් දැක්විණි.