දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරන්නේ මේ වන විට අද (25) දින තුළදී දුම්රිය 60ක් පමණ ධාවනය කර ඇති බවයි.
එම දුම්රිය බහුතර සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ ධාවනය වී ඇති අතර ගාල්ල සිට ද දුම්රිය කිහිපයක් අද උදෑසන ධාවනය වී ඇත.
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රියේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවන අතර පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය කෙරුණ ද දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවයි ඔහු සඳහන් කර ඇත.