දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට මිල සූත්‍රය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර දුම්වැටිවල බදු වැඩි කිරීම සඳහා එය ඇතුළත් කරගැනිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
මේ අකාරයට මිල සූත්‍රයක් හඳුන්වා දීමට හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ දී දුම්වැටි මිල වැඩිකළ ද එතුළින් අපේක්ෂිත ආදායම වැඩි නොවීම හේතුවෙනි.
මේ වන විට රු.65ක් ලෙස දැක්වෙන දුම්වැටිය, මිල සූත්‍රයට අනුව සකස් කර ගත්තොත් රු.69න් පමණ වන අතර 2026 වසර වන විට රු.20කින් පමණ මිල වැඩි විය හැකි බවයි.