නීතියට අනුව පොලිස් නිලධාරීන් දේශපාලන උවමනාවන් වලට අනුව කටයුතු නොකළ යුතුය . නමුත් ශ්‍රී ලංකාවේ සිඳු වන්නේ එයමය.රත්නපුර දිස්ත්‍රික්කය යනු සෑම අතින්ම දූෂිත එහෙත් එසේ නොවිය යුතු දිස්ත්‍රික්කයකි.එසේ වන්නට අවශ්‍ය පසුබිම සකසන්නේ දේශපාලන බලයෙන් වැජඹෙන පොලිස් නිලධාරීන් ය. දේශපාලන බලයට අනුව රාජකාරී නොකළ රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා තිබේ.ඒ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි මුදිතා ද සොයිසාගේ වරප්‍රසාද කඩ වූ බවට කථානායකවරයාට කරන ලද පැමිණිල්ලකට අනුවය. එම සිද්ධියට මුල් වූ ප්‍රධානම හේතුව වන්නේ “ ස්පා “ යාමේ සිද්ධියක් නිසා පරීක්ෂණ අවසාන වන තෙක් ස්ථාන මාරු කර යැවූ පොලිස් නිලධාරියෙකුගේ ස්ථානමාරුව අවලංගු නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙනය.එම ස්ථානමාරුව අවලංගු කරදෙන ලෙස ඉල්ලා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ද සොයිසා මහත්මියයි.එතුමියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රත්නපුර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ස්ථනමාරු කර යවන ලෙස ජනාධිපතිවරායාගෙන් ඉල්ලා තිබුණි.
ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟම මන්ත්‍රීවරිය කථානායකවරයාට පැමිණිලි කරන ලදී. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථානමාරුවට බලපෑ අනෙක් කරුණ නම් කිරි ඇල්ල ප්‍රදේශයේ අනවසර මැණික් පතලක සිද්ධියකි. එම පතලේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් බේරා ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් මන්ත්‍රීවරියක් මැදිහත්ව තිබුණාය .නමුත් ඇයට අවශ්‍ය දේ සිඳු නොකර අත්අඩංගුවට ගත් පුද්ගල විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබුණි.මෙම මාරුවීමට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ එය බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර කේතුමතී උත්සව ශාලාවේ පැවති රාජ්‍ය නිලධාරීන්ගේ උත්සවයකදී ද මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථානමාරු කර යැවීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කර තිබුණි. ඒ මෙම සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරියන්ට එරෙහිවය. මේ වන විට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රත්නපුරට පැමිණ තිබේ.තම හිතවතුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ දූෂිත පුද්ගලයන් මෙන්ම එම මන්ත්‍රිවරියන් ද සතුටින් සිටී.
කෙසේ නමුත් මේ වන විට රත්නපුරේ සමහර පොලිස් පොඩ්ඩන් තම නීති විරෝධී ක්‍රියාකාරකම් අකුරටම සිඳු කරමින් සිටී. ඒ අතර කිරි ඇල්ලේ පතල හා සම්බන්ධ වූ මන්ත්‍රීවරියගේ මැදිහත් වීම මත රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ස්ථානමාරුව ද අවලංගු කර තිබේ. ඔහුට ද විවිධ චෝදනා රාශියක් එල්ල වී තිබෙන අතර පරිපාලනමය වශයෙන් පවතින අඩුපාඩු පිළිබඳව ද පොලිස් මූලස්ථානය වෙත ලිපි යොමු කර තිබේ. ඔහු හා එක්ව ඔහුගේ කණ්ඩායමක් වෙනමම සිටින බවට ද පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. කෙසේ නමුත් රත්නපුරේ බලය සහිත දේශපාලන අධිකාරිය සහ දූෂිත පොලිස් නිලධාරීන් එකතුව රත්නපුරෙන් පන්නා දැමූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයට එවීම සඳහා ද තවත් දේශපාලකයන් කිහිප දෙනෙකු අවධානය යොමු කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.














































