මාවනැල්ල ප්රාදේශීය සභා මන්ත්රිවරයෙක් එම ප්රදේශයේ පාසලක පැවති උද්ඝෝෂණයක් වැළැක්වීමට මැදිහත්වීමත් සමග ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත.
එහි දී ගුරුවරුන් සහ අදාළ මන්ත්රීවරයා අතර දීර්ඝ වචන හුවමාරුවක් ද සිදුව ඇති අතර එතැන සිටි දෙමාපියන්ටද බැනවැදී පාසලෙන් පන්නා දමා ඇති බව සඳහන් වේ.
මන්ත්රීවරයා එතැනදී හැසිරුණු ආකාරය පිළිබඳ දෙමාපියන් අදහස් දැක්වූ අතර ඔවුන්ගේ අදහස් වූයේ “හරක්ට බලය දුන්නම ඔහොම තමයි වෙන්නෙ.” යන්නයි.