බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවත්වන දෙවන ටෙස් තරඟාවලියේ පස්වන දිනය අදට යෙදී ඇත.
ඒ අනුව ඊයේ (02) දිනයේ තරඟය නිමාවන විට ශ්‍රී ලංකා පිල කඩුලු 08ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේ ය.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 153ක් රැස්කර සිටියි.
එමෙන් ම ලකුණු 25 ලබා සිටින ඇඹුල්දෙණිය සමග ඔහු නොදැවුණු 09 වන කඩුල්ල සඳහා මේ වන විට වාර්තාගත ලෙස ලකුණු 109ක් රැස්කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව කොදෙව් පිලට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියි.