ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද(27) පෙත්සමක් ගොනුකරමින් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලමින්ය.
මෙම පෙත්සම ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයෙක් විසිනු ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නම් කර ඇත්තේ නීතිපතිවරයා විසිනි.
අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ කෙටුම්පතේ ඇතැම් වගන්ති ඉවත් කිරීමට හෝ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමිනි.
















































