දේශීය වෙදකමට අවශ්‍ය ඖෂධීය ශාක මෙරට වැඩි වශයෙන් වගා කිරීමට වැඩපිළිවෙළක්

ඖෂධීය ශාක විශේෂයන් වන අරළු,බුළු හා නෙල්ලි ආයුර්වේද හා දේශීය වෙදකමට බෙහෙවින් යොදා ගන්නා ඖෂධ වන අතර ඒවා ආනයනය කිරීම නතර කර ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වගා කිරීමට පරිසර අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර ඇත.

මෙම ඖෂධ මෙරට තුළ ඇතත් වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 09ක් පමණ ඒ සඳහා වැය වේ.

මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පරිසර අමාත්‍යංශයේ දී පැවති දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී ය.

එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ මෙම ඖෂධ ශාක වනාන්තර ආශ්‍රීතව මෙන්ම මාර්ග දෙපස වගාකළ හැකි බවයි.

Exit mobile version