ධනවත් වෘත්තීයවේදීන්ගේ විරෝධතාවය අසාර්ථකයි – සමන් රත්නප්‍රිය

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ ඊයේ (මාර්තු 01 ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරත වුයේ රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමිනි.


නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මෙසේ විරොදතා කරනුයේ රාජ්‍ය සෙවයේ ඉහලින්ම සිට වැටුප් ලබන්නෝය. අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතා පැවැත්වු නමුත් රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි වු අතර පැවති වැඩ වර්ජනය අසාර්ථක බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

Exit mobile version