අද (23) දිනයේ පරිසර හිතකාමී මිනීපෙට්ටි 1,200ක ප්‍රමාණයක් වියට්නාමයට අපනයනය කර ඇති බව වාර්තා වෙයි.
එම පරිසර හිතකාමී මිනීපෙට්ටි මුලින් ම පසුගිය මැයි මාසයේ දී හඳුන්වාදෙනු ලැබුවේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව විසින් ය.
මෙලෙස කාඩ්බෝර්ඩ් මිනි පෙට්ටි අපනයනය කිරීම සිදුවන්නේ මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ සිටින ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි.