පසුගිය දිනක කතා සමාජ ජාල ඔස්සේ කතාබහට ලක් වූ පහන්තුඩාව සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ නොවන විවාහක යුවලකගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඡායාරූපවල සිටින එම සිද්ධියට සම්බන්ධ නොවන යුවල විසින් ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම යුවල අගතියට පත්වී ඇත්නම් එසේ සිදුකිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.