මීට දින 06කට පමණ පෙර වැල්ලවාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පහරකෑමකට ලක්ව දින 06ක් පුරාවට රෝහල්ගතව සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් තුවාල ලැබූ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බවත් සඳහන් වන සිද්ධියක් වාර්තා වුණි.
ඊයේ (25) පස්වරුවේ 070-1887457 යන දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වූ ආර්ය දිලීප් නමැති වැල්ලවාය, දිවුල්ගස් මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මෙම සිද්ධිය අපට වාර්තා කරන ලදී.
ඔහුගෙන් ලද තොරතුරු මත අප වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිතුමන් සමග දුරකථනයෙන් සම්බන්ධව මේ පිළිබඳව විමසූ පළමු අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ තම පොලිස් ස්ථානයෙන් එවැනි සිද්ධියක් වාර්තා නොවන බවයි.
අපි දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් සොයාබැලූ විට පෙනී ගියේ මෙම සිද්ධිය වැල්ලවාය පොලිස් වසමේ සිදු වුවත් පහරකෑමට ලක් පුද්ගලයා පදිංචිව සිටින්නේ කොස්ලන්ද පොලිස් වසමේ බවත්ය.
ඒ සම්බන්ධයෙන් තහවුරු කරගත් අප නැවතත් වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අමතා CIB(III) 2/263 යන පැමිණිලි අංකය පිළිබඳ විමසූ විට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සිය පොලිස් ස්ථානයෙන් සිදුවිය යුතු රාජකාරි කටයුතු සිදුකර ඇති බවත්, තුවාල ලැබූ පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ වගකීම රෝහල් පොලිසිය සතු බවත් ඔහු දැනුම් දුනි.
නමුත් මේ වන තෙක් රෝහල් පොලිසිය විසින් තුවාල ලැබූ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති අතර ,මෙවැනි අවස්ථාවක දී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ඒ සම්බන්ධයෙන් සොයා බලා පහරදුන් පුද්ගලයන් නීතිය ඉදිරියට රැගෙන ඒම ඔවුන් සියල්ලන්ගේ වගකීමකි.
මේ වන විට දින 06ක් පුරාවට රෝහල්ගතව සිටින පුද්ගලයාගේ ඥාති පාර්ශවය ඉතාමත් කනස්සල්ලට මෙන් ම විශාල පීඩාවකට පත්ව ඇති නමුත් ඔවුන් වෙනුවෙන් නීතියේ දෑස් තවමත් විවිරව නොමැත.
පහරකෑමට ලක් පුද්ගලයා මේ වන විට මොණරාගල ,සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද (26) දිනයේ ඔහුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමට ද නියමිත බව ද වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන තෙක් මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු මූලික කටයුතු රෝහල් පොලිසියෙන් සිදුව නොමැති වතාවරණයක් තුළ මෙම පුද්ගලයා මියගියහොත් ඉන් පසු සිදුවන නීතිමය කටයුතුවලින් කුමක් කරන්නද?
මෙවැනි සිදුවීමක දී මහජනතාව තුළ නීතියේ ධූතයන් පිළිබඳව පවතින විශ්වසනීයත්වය මෙන්ම රටත් තුළ තමට ඇති ආර්කෂාව පිළිබඳව ද පවතින විශ්වාසය බිඳවැටි යන අතර එය රටකට ඉතාමත් ශෝචනීය තත්ත්වයක් වනු ඇත.