නීතිපති මතය වන්නේ නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා විසින් පවසා ඇති බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙනි.
ඒ අනුව නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් මේ වන විට පවතින පනත අහෝසි කළද නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවයි.