හෙට (30)දින කැබිනට් මණ්ඩලයට ,වරක් භාවිත කර ඉවත් කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් වර්ග අශ්‍රිත නිෂ්පාදන 07ක් තහණම් කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් නිකුත් කීරීමට නියමිතව ඇත.
ප්ලාස්ටික් වලින් සකස් කරන ලද බීම බට,හැඳි,බීම කෝප්ප,ගෑරුප්පු,පිහි ,ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මාණය කරන ලද මල්මාලා ආදිය ඒ අතර ඇත.
පරිසර අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු මස 31 වන දා ෂැශේ පැකට් ඇතුළු ව එක්වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග 05ක් ද මේ ආකාරයට තහනම් කිරීමට පියවර ගැණුනි.
අගෝස්තු මස 01 වන දා සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් ද තහණම් කිරීමට පියවර ගෙන තිබූ අතර එම අමාත්‍යංශය පවසා සිටියේ මෙරට තුළ වාර්ෂිකව පොලිතීන් බෑග් කෝටි 200 ඉක්මවා පරිසරයට බැහැර කරන බවයි.
මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.