ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සඳහන් කරන්නේ මේ වන විට රටතුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බවයි.
දිවයින පුරා අවශ්‍ය පරිදි ඉන්ධන කඩිනමින් බෙදා හරිමින් සිටින බවත් ගබඩා තුළ ද අවශ්‍ය පරිදි ඉන්ධන පවතින බවත් මෙහි දී සභාපතිවරයා සඳහන් කර ඇති අතර ඉන්ධන හිඟයක් නොමැති බවත් නිකරුනේ ඉන්ධනහල් ඉදිරියේ පෝලිම් ගැසී නොසිටන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර ඇත.
එමෙන් ම හෙට (18) දිනයේදී ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණයක් ගෙන්වීමට නියමිතව ඇති බවත් , 19 වනදා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් ගෙන්වන බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.