විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ හෙට (06) දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි.
අදාළ නිවේනයේ සඳහන් පරිදි රාජ්‍ය වියදමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දේහය මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ඥාතීන් විසින් එම මෘත දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට සූදානම් කර ඇති අතර මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය සිදු කරනු ලබන්නේ විදේශ අමාත්‍යංශය විසිනි.
ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කර විපතට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවිම සඳහා අවශ්‍ය කටයුතු ද සූදානම් කරමින් ඇත.
එමෙන් ම විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයින්ගේ සේවායෝජකයා සමග මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරතවන බවයි.