අද (15) විදේශ අමාත්‍යංශයේ දී පැවති උත්සවයක දී පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත මූල්‍ය ප්‍රදානයක් සිදුකර ඇත.
අදාළ ප්රදානය විදේශ අමාත්‍ය, ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ලබා දී ඇත.
එමෙන්ම එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට දරුවන්ගේ අනාගතය සහ පවුලේ සුරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග සාකච්ඡා පවත්වන බවයි.
සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ද ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට එකඟවී ඇති බවත් ප්‍රියන්ත කුමාර මහතාගේ සේවායෝජකයාගෙන් සහ පාකිස්තාන රජයෙන් හිමිවන වන්දි මුදල් සහ අනෙකුත් මූල්‍ය ප්රතිලාභ නිසි වේලාවට ලබාදීමට කටයුතු කරන මෙන් තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.