වයස අවුරුදු 15ක් වන බාල වයස්කාර දැරියක් සමූහ දූෂණය කළ සිදු වීමක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුළ දී දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ තරුණයින් 05 දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.
එසේ අත්අඩංගුවට ගැනුනු තරුණයින් පාදුක්ක ප්‍රදේශයේ ම වයස අවුරුදු 19 – 27 අතර වයස් සීමාවේ පසුවන්නන් බව වාර්තා වේ.
එම තරුණයින් අතර එක් තරුණයෙකු සමග මෙම දැරිය ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඔහුගේ ආරාධනය පරිදි ඇය පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති බවත් එහි දී සෙසු තරුණයින් සිව්දෙනා ද ඔවුන් සමඟ එක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන අතර වින්දිත දැරිය අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු පාදුක්ක පොලිසිය විසින් ආරම්භ කර ඇත.














































