බිත්තර සගවා ගෙන සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (04) නාරම්මල ප්‍රදේශයේ වැටලීමක් සදහා ගිය පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්‍යාලයේ නිලධාරීන් පිරිසකට පහර දී ඇති අතර සිද්ධියෙන් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මෙම පිරිසට පහර දුන් සැකකරුවන් ඊයේ (04) රාත්‍රියේ අත් අඩංගුවට ගත් අතර කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා පහර දුන් පිරිසෙන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බව සදහන්.














































