පාස්කු ප්‍රහාරයේ මුල්ම සැලසුම ගැන හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වසර හතරකට පසු හෙළි කරයි..
පරීක්ෂණ සියල්ල යට ගහලා..
රාජකාරියේ යෙදී සිටිය දී එම කරුණු විවෘතව කතා කිරීමට බාධා මතු වූ බවත් කියයි.
පාස්කු ප්‍රහාරයට අවශ්‍ය මුල්ම සැලසුම දියත් කරනු ලැබුවේ මෙරට පුද්ගලික ආරක්ෂක ජාලයක් හිමි ව්‍යාපාරිකයෙකු යටතේ සේවය කළ පුද්ගලයකු බව පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ ශ්‍රී ලංකා පොලීස් අපරාධ විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් හෙළි කර තිබේ.
පාස්කු ප්‍රහාරයට වසරක් පිරුණු පසුගිය විසි එක් වෙනිදා අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ තමන් විශ්‍රාම ගැනීමෙන් පසු මේ පිළිබඳ ව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට දැනුම් දීමට කටයුතු කළ බවයි.
සක්‍රීය රාජකාරියේ යෙදී සිටිය දී මෙම කරුණු හෙළි කිරීමට විවිධ බාධා ඇති වූ බව ද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කර තිබීම විශේෂත්වයක්.
ප්‍රියන්ත ජයකොඩි මහතා පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මාණ්ඩලික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කර තිබේ .















































