මේ වන තෙක් පාස්කු ඉරුදින ප්රහාරයේ සුලමුල සෙවීමට වර්තමාන පාලනයට හැකියාව ලැබී නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පවසයි.
පාස්කු ත්රස්ත ප්රහාරය සිදුව මේ වන විට මාස 30ක කාලයක් ගතව ඇති අතර මෙතෙක් පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය ඔස්සේ ක්රියාත්මක කිරීමට හැකියාව ලැබී නොමැත.
අද (21) කොච්චිකඩේ සාන්ත ඇන්තෝනි දේවස්ථානයේ දී ත්රස්ත ප්රහාරය සිදුව මාස 30ක් ගතවීම නිමිත්තෙන් පවත්වන ලද විශේෂ යාච්ඥා මෙහෙයට සහභාගී වෙමින් උන්වහන්සේ මේ පිළිබඳව සඳහන් කර ඇත.
උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළේ එවක සිටි නීතිපතිතුමන් හමුවූ අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එය බරපතල ලෙස සංවිධානය කර සිදුකරන ලද ක්රියාවක් බවත් ත්රස්තවාදීන් 7 – 8 දෙනෙකුට පමණක් එය සිදුකළ නොහැකි බවත් ඊට එහා ගිය දීර්ඝ සැලැස්මක් ඇතිව සිදුකරන ලද්දක් බවත් පැවසූ බවයි.