පැන්ඩෝරා ලේඛන ලෙස හැඳින්වෙන්නේ ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ රහස්‍ය ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු වන අතර එයින් ලෝකයේ හිටපු බොහෝමයක් බලවතුන්ගේ තොරතුරු රැසක් හෙළි වී ඇත.
මේ අනුව වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු බොහෝමයක් අනාවරණය වී ඇති බව පවසයි.
මෙම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වී ඇත.
ලන්ඩන් සහ සිඩ්නි නගරවල ඇය සහ ඇගේ සැමියා සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කිරීම සම්බන්ධයෙන් ජෝර්දානයේ රජු පිළිබඳව ද මෙම පැන්ඩෝරා ලේඛනයෙන් තොරතුරු හෙළිවී ඇති අතර එම පැන්ඩෝරා ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් නම වන්නේ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුගේ නමයි.
එමෙන්ම ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ,සුපිරි පොප් ගායිකා ශකිරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි වැනි අයගේ ද රහසිගත විදේශීය වත්කම් පිළිබඳ තොරතුරු මෙම පැන්ඩෝරා ලේඛනයේ සඳහන් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ලේඛන පිළිබඳව වසර 07ක කාලයක් තුළ නිකුත් කරන ලද ලිපි ලේඛන පිළිබඳව ,විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරව් කිරීම් සිදු කර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි.