ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට ගෘහස්ත අලි නිවුන් උපතක් සිදු වූ බවට පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
මෙම පැටවුන් දෙදෙනා පින්නවල සුරංගී නම් ඇතින්නට දාව උපත ලබා ඇති අතර පළමු පැටවා අද (31) දින අලුයම 04.00ට පමණත්, දෙවන පැටවා මධ්‍යහන12ට පමණත් උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් ලෙස ප්‍රකාශ කර ඇත.