පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් පොලිස් භාරයට.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ධාවනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (13) දෙහිඅත්තකන්ඩිය පොලිස් මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගත් බව වාර්තා වේ .

මොවුන් සන්තකයේ තිබී කළු වෙඩිබෙහෙත් කුඩු ග්‍රෑම් 50 ක් , අඩි තිස් දෙකක් දිග සේවා නූලක් , ඩෙටනේටර් දාහතරක් , ඇමෝනියා කිලෝ ග්‍රෑම් එකක් සොයා ගත් බව සදහන්.

මෙම සැක්කරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නිධානයක් ලබා ගැනීම සදහා කළු ගල් පර්වතයක් පිපිරීමට මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බව සැක පල කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version