කිලිනොච්චිය ,භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරු දැරියන් පිරිසකට ලබා දුන් දියර කිරි වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ආසාත්මික රෝගී තත්ත්වයක් නිසා හදිසියේම කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .
මෙම කිරි වර්ගය පානය කිරීමෙන් මෙම දරුවන්ට ක්ලාන්තය , බඩ රිදීම , වමනය ඇතුළු විවිධ ආසාත්මික රෝගි ලක්ෂණ හට ගෙන තිබෙන බව දෙමාපියන් ප්‍රකාශ කර තිබේ.
මෙම දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කෙරේ.














































