ශ්රී ලාංකික ක්රීඩිකා ශ්රීමාලි සමරකෝන් , උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ පොදු රාජ්ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේ ප්රථම රන් පදක්කම තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
ඒ කාන්තා කිලෝග්රෑම් 45ට අඩු බර ඉසිලීමේ පන්තිය නියෝජනය කරමින් ය.
එහි දී ඇය ස්නෑච් ක්රමයට කිලෝග්රෑම් 58ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්කි ක්රමයට කිලෝග්රෑම් 78ක් ද සමග සමස්ත බර කිලෝග්රෑම් 136ක් එසවීමට සමත්ව ඇත.