පූනෑව පොලීසියට ලද තොරතුරකට අනුව පූනෑව , අනේකට්ටිය ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .මොවුන් කැණීම් සදහා භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගත් බව සදහන්.
මෙම සැකකරුවන් පස් දෙනා හෝකන්දර , පූනෑව ,පිළියන්දල , මැදවච්චිය සහ වාරියපොළ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ත් 44 ත් අතර පුද්ගලයින් බව වාර්තා වේ.
සැකකරුවන් හෙට (27) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
