කොළඹ වරාය බංග්ලාදේශයේ අපනයන කටයුතු සඳහා විශාල වශයෙන් උපයෝගී කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී දෙරට අතර පවත්නා ආර්ථික සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීම පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වී ඇත.
අදාළ සාකච්ඡාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ බංග්ලාදේශයේ ශ්රී ලංකා මහ කොමසාරිස් තාරෙක් ඉස්ලාම් මහතා අතර පැවති බවයි පවසා ඇත්තේ.