බදියුදීන්ගේ රුක් රෝපණ දණ්ඩනය බලරහිත කරන්නැයි ඉල්ලයි

අභියාචනාධිකරණය විසින් සිය පෞද්ගලික වියදමින් විල්පත්තුව  අභය භූමිය අශ්‍රිත වනාන්තරවල වන වගාව සිදු කරන ලෙසට ලබා දුන් නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්  බදියුදීන් විසින් අභියාචනයක් ගොනුකර ඇති අතර පෙබරවාරි 03 වනදා සිට එය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින නියම කර ඇත.

අදාල අභියාචනය අද මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ දී මෙම තීරණය ලබා දී ඇත.

Exit mobile version