බස්නාහිර පළාතේ නගර වීථි ,ආලෝක සංඥා පුවරු අසළ සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් සැරිසරන යාචකයින් පරීක්ෂාවට ලක්කර කොරෝනා මර්දන එන්නත් ලබාදීම සඳහා ඊයේ (30) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
උදෑසන 09.00ට ආරම්භ කරන ලද මෙහෙයුම පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක කර ඇති අතර එහි දි යාචකයින් 541 දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇත.
එයින් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් පිරිස 77ක් විය.ඉන් 22 දෙනෙකුට ඊයේ දිනයේ දි එන්නත් ලබා දී ඇති අතර ඉතිරි 55 දෙනා ඉදිරියේ දී එන්නත් ලබා දීම සඳහා යොමු කිරීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇත.