ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ අකමැත්තේන් වුවද පවත්නා තත්ත්වය මත බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
අද (26) හාරිස්පත්තුව,අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර ඇත.
ඒ අනුව එළඹෙන සතියේ යම් බස් ගාස්තු සංශෝධනයක් කරා එළඹිමට සිදුවන බවත්, එසේ සංශෝධනය කරන්නේ නම් මගීන් පිළිබඳ සැලකිලිමත් වෙමින් සිදුකළ හැකි අවම සංශෝධනයක් කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.