පසුගිය දිනක සපුගස්කන්දෙන් හමුවූ බෑගයක් තුළ මරා ගෙනවිත් දමා තිබූ කාන්තාව සූදු ඔට්ට ඇල්ලීම සහ භාණ්ඩ උගසට ගැනීම් ආදී කටයුතුවලට සම්බන්ධ බවට පොලිසියට අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම ගනුදෙනු සහ ඇයගේ මරණය අතර යම් හෝ සම්බන්ධයක් ඇති බවට පොලිසිය මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසීය විමර්ශන සිදු කරන අතර ඇයව රැගෙන ගියබව පවසන එම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සහ ඇයගේ සොයුරා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව කොළඹ ප්‍රදේශයේ පවතින බූරුපොළ කිහිපයකට සහ සූදු ඔට්ටු අල්ලන ස්ථාන වෙත යාමටත් එහිදී ඔට්ටු ඇල්ලීමත් සහ ඔට්ටුවලින් පරාජය වන පුද්ගලයින්ගේ භාණ්ඩ උකසට ගෙන මුදල් ලබා දීමත් වැනි ව්‍යාපාරද සිදුකළ බවයි.
28 වනදා ඇය නිවසෙන් පිටවන විටත් රන් ආභරණ සහ මුදල් රැගෙන ගොස් ඇති අතර මළසිරුර හමුවන අවස්ථාවේ දී ඒ කිසිවක් නොතිබුණු බැවින් යමෙකු විසින් එම ආභරණ සහ මුදල් පැහැරගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.