වත්තේගම පොලිසිය පවසන්නේ වත්තේගම, ඇල්කඩුව මාර්ගයේ මලියදේව විහාරයට යන මාර්ගය ආසන්නයේ තිබෙන බුදු පිළිමය ආසන්නයේ දමා ගොස් තිබූ බිළිඳකු සොයා ගත් බවයි.
එය දැක ඇති ප්‍රදේශවාසී ජනතාව එම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ..
දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන බව දැක ඇත්තේ මාර්ගයේ ගමන් ගත් පිරිසක් බවත් එම අවස්තාවේදී ඔහුන් විසින් දරුවා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය සදහන් කර තිබේ.
දරුවා නීරෝගීව රෝහලේ සිටින බවත් දරුවාගේ මව සොයා වත්තේගම පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් සදහන් වේ.














































