බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ බොරතෙල් ආනයනය ඉදිරියට අඛන්ඩව සිදුකරන බවයි.
ඔහු ප්‍රකාශ කළේ ඉදිරි දින 26ක් සඳහා අවශ්‍ය කරන බොරතෙල් මේ වන විට ආනයනය කර ගබඩා කර ඇති බවයි.
ඒ අනුව ඩොලර් මිලියන 59ක් වැය කරමින් බොරතෙල් බැරල් ලක්ෂ 07ක් මේ වන විට ආනයනය කර ඇති බවත් පවත්නා ඩොලර් හිඟය ගැටලුවක් වී ඇති බවත් ගෙවීම් කිරීම සඳහා විසඳුම් වශයෙන් රුපියල්වලින් ගෙවීම් ලබා ගැනීමට කැමති සැපයුම්කරුවන් සොයමින් සිටින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.