බෝලවත්ත දුම්රිය ස්ථානයේ අද (13) රාත්‍රී 07.00 ට පමණ දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට කල දැනුවත් කිරීමට කෝපවූ පිරිස බෝලවත්ත දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලයට හා දුම්රිය ස්ථානයේ ජනේලවලට පහර දී හානි සිදු කර ඇති බවට වාර්තා වේ.
එම දුම්රිය ස්ථානයේ සේවයේ යෙදී සිටි දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ 03 දෙනෙකු ඇතුළුව 04 දෙනෙකුට පහර දී ඇති බව සදහන්.
තුවාල ලබා සිටි හා පහර කෑමට ලක්වු සිව් දෙනා මේ වන විට 1990 සුවසැරිය හරහා රෝහල් ගත කොට ඇති අතර, දුම්රිය ස්ථානයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම මේ දක්වා සිදුව නොමැති බව සදහන්.













































