මංගල උත්සව සඳහා අවසර

ඊයේ (15) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කර ඇති අතර ඒවා අද සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා ද යම් යම් සීමාවන් යටතේ අවසර ලබා දී ඇති අතර එහි දී ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීම අනිවාර්ය කර ඇත.

එමෙන් ම විවාහ මංගල උත්සවය පැවැත්වීමේ දී ශාලා තුළට ඇතුලත් කරගත හැක්කේ උපරිම පුද්ගලයින් 50ක් වන අතර එළි මහන් මංගල උත්සව සඳහා 75 දෙනෙකුට අවසර ලබා දී ඇත.

Exit mobile version