මතට ඇබ්බැහිවූවන් 200කගෙන් 44ක් කොවිඩ් මර්දන එන්නත් ලබා නොමැත

පොලීසිය විසින් කොළඹ – උතුර ප්‍රදේශයේ කරන ලද වැටලීමකින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 200 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අතුරින් 44 දෙනෙකුම කිසිදු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයින් වේ.

බස්නාහිර පළාත් ‌ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වන විට ඔවුන්ට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බවයි.

Exit mobile version