වයස අවුරුදු 08ක් වන දරුවෙක් ඇළකට විසි කිරීම සම්බන්ධයෙන් ග්රාම නිලධාරීවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා විය.
මෙම සිදුවීම පොල්ගහවෙල ප්රදේශයෙන් වාර්තා වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවෙල ,උඩපොළ ග්රාම නිලධාරීවරයා ය.
අනතුරට ලක් දරුවා ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිට ඇති අතර එම ඉවුර ඔස්සේ බීමතින් පැමිණි අදාළ ග්රාම නිලධාරීවරයා දරුවා ඔසවා ඇළට විසිකර ඇති බව මූලික විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත.
අදාළ දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මේ අනුව වයස අවුරුදු 54 හැවිරිදි සැකකාර ග්රාම නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














































