මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කෙරේ

Dead woman lying on the floor under white cloth with focus on hand

බදුල්ල ගැනල්පීන් වත්ත හිඟුරුගමුව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දීමෙන් කාන්තාවක් සහ ඇයගේ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

අදාළ කාන්තාව සහ ඇයගේ දියණියන් දෙදෙනා මෙම වතු නිවාසයක ජීවත්ව සිට ඇත.

අද (10) උදෑසන ඔවුන්ට මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 83ක් වන මව සහ 55 හැවිරිදි ඇයගේ දියණියන වන අතර වයස අවුරුදු 62ක් වන අනෙක් දියණිය කැපුම් තුවාල සහිතව බලපතළ තත්ත්වයේ පසුව සිටිය දී බදුල්ල රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට බදුල්ල පොලිසිය විසින්  සිදු කරන අතර ඝාතනයට හේතුව මෙතෙක් ආවරණය වී නොමැත.

Exit mobile version