මහජන බැංකුවට අයත් සමහර බැංකු ශාඛා වලින් , ණයකරුවන්ට දැඩි අපහසුතා සිදුවන බව වාර්තා වේ. විශේෂයෙන්ම ණය නොගෙවා පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව ගත යුතු නීත්‍යානුකූල නොවන මාර්ග භාවිතා කරමින් ණය කරුවන්ට බලපෑම් සිදු කරමින් විවිධ තර්ජනද සිදු කරන බවද ඇප කරුවන් ලවාද බලපෑම් කරවන බව වාර්තා වේ. එවැනි සිදුවීම් ගණනාවක් අප වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ණය නොගෙවා පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව දිසා අධිකරණය තුල නඩු පවරා එම මුදල් අයකර ගත යුතුය. එසේ නොමැතිව ඇප කරුවන් අසාදු ලේඛණ ගත කරමින් , විවිධ උපක්‍රම භාවිතා කරමින් ඔවුන්ට තර්ජන , ගර්ජන කිරීම, වැටුප් මුදල් ලබා ගැනීමට අවහිර කිරීම නීතියෙන්ම තහනම් වේ.
ඇපකරුවන් අයත් වන්නේ ණයකරු මිය ගියහොත් එම මුදල් ගෙවීමට විනා ණයකරු ජීවත්ව සිටියදී , ණය නොගෙවා පැහැර හැරීම් සිදුවන විට , ඇපකරුවන්ගේ බෙල්ල මිරිකමින් ඔවුන්ව අපහසුතාවයට ලක් කිරීම නීති විරෝදී වේ. මහබැංකු නියෝගයට අනුව 2021 දෙසැම්බර් මස 31 දක්වා ණයකරුවන්ට ණය ගෙවීමේ අපහසුතාවන් වලට ලක්ව සිටින ණයකරුවන් සදහා නීත්‍යානුකූලව කටයුතු කිරීම පවා තහනම් කර තිබියදීත් එය තුට්ටුවකට මායිම් නොකර, මහජන බැංකුව කටයුතු කරන බව වාර්තා වේ. එසේම එම නියෝගය 2022 මාර්තු මස දක්වා මහා බැංකුව දීර්ග කර තිබෙන බවද වාර්තා විය.
ශ්‍රී ලාංකිකයන්ගෙන් නීතිය පිලිබදව තිබෙන නොදැනීම සහ, විවිධ උපක්‍රම ඔස්සේ තම පටු පරමාර්ථයන් ඉටු කරගැනීමට බලා සිටින, නැගී සිටීමට හැකි කොන්දක් නැති, පෞරුෂත්වයක් නැති මිනිසුන් නිසා බොහෝ ස්ථානවල මෙසේ බිදවැටීම් සිදුව තිබේ. බැංකු නිලධාරීන්ද නීතිය නොදැනීම සහ දැනගෙන සිටියද ඒ කටයුතු නොකිරීම මේවාට හේතු වේ.
ණය නොගෙවා සිටීමෙන් බැංකුවක් ඔබට බලපෑම් කරන්නේ නම් කල යුත්තේ කුමක්ද ?
ඔබ කෙසේ හෝ ණය ගෙවීමට කටයුතු කල යුතුය. නමුත් බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ වරදකින් ඔබ ණය නොගෙවා සිටින්නේ නම් බැංකුව පවරන නඩුවකදී පෙරලා බැංකුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකි අතර එය පෙන්වීම සදහා සාක්ෂි තිබිය යුතුය. බැංකු නිළදාරීන් ඔබට තර්ජනය කලේ නම් සාක්ෂි සහිතව ගොස් පොලිසිය තුල පැමිණිලි කල හැකි අතර රාජ්‍ය බැංකුවකින් සිදු වූ කටයුත්තක් නම් මසක් අතුලත ගොස් මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කල හැකිය.
ඇප කරුවන් අසාදු ලේඛණ ගත කරමින් විවිධ අකටයුතු බැංකු මගින් හෝ වෙනත් මූල්‍ය ආයතන මගින් සිදු කර තිබෙන්නේ නම් එම පුද්ගලයන්ට සහ ආයතනයන්ට විරුද්දව පෙර පරිදිම කටයුතු කල යුතුය. එසේ නොමැතිව තමන් වැඩ කරන ආයතනය තුලින් හෝ වෙනත් උපක්‍රම භවිතා කරමින් ණයකරුට බලපෑම් කිරීමට ඇප කරුට නීතිමය වශයෙන් හැකියාවක් නැති අතර ඇප කරුවන්ද ණයකරුට විවිධ තර්ජන , බලපෑම් කරන්නේ නම් ඇප කරුවන්ටද විරුද්දව නීතියේ පිහිට පැතීමට ණයකරුට නීතිමය ප්‍රතිපාදන තිබේ. ණයකරුට බලපෑම් කිරීමට ඇපකරුවන්ටද නොහැකි අතර බැංකු නිලධාරීන් ලවා සහ වෙනත් උපක්‍රම භාවිතා කරමින් තර්ජනය කිරීම් කල නොහැක.
එසේම ණයකරුට විරුද්දව පවරන ලද නඩුවේදී , ඇපකරුවන්ට සිදු වූ අපහසුතවයන්ටද විරුද්දව ප්‍රති උත්තරය මගින් බැංකුවට විරුද්ධව නඩු පවරා ඔවුන්ටද සිදු වූ අලාභය බැංකුව මගින් අය කර ගත හැක.
මෙම ක්‍රම වලට පරිභාහිරව යමෙක් කටයුතු කරන්නේ නම් හෝ එම කටයුතු සිදු කිරීම කරදරයක් යයි සිතා වෙනත් උපක්‍රම භාවිතා කරන්නේ නම් ඒවා සියල්ලම නීතිවිරෝදී කටයුතු වේ. එසේම අප කරුවන් ණයකරුට යම් බලපෑමක් සිදු කලේ නම් එයින්ද තමන්ට සිදු වූ හානිය ඇප කරුවන්ගෙන් අය කරගැනීමට ණයකරුට හැකිය.