අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 363 රන්දුව හෑලඹගස්වැව ගම්මානයේ නිවෙස් 20ක් පමණ පිහිටා ඇති අතර එම ගම්මානය වසර ගණනාවක සිට වර්ෂාවත් සමග ජල ගැල්මට ලක්වන බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.
මෙලෙස එම ගම්මානය කුඩා වර්ෂාවකට උවද යටවීමට හේතු වී තිබෙන්නේ හෑළඹගස්වැව ගම්මානයේ ඉහළ කොටසට වර්ෂාව වැටීමත් සමග පැමිණෙන ජලය කුඩා ඇලවේල්ලක් ඔස්සේ ගලාගෙන එන අතර එම ජලය පිටවීමට තරම් බෝක්කුවක් නොමැති වීමයි.
මේ නිසා එම ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවන බවයි එම ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
වසර 20කට අධික කාලයක් තිස්සේ මෙම ජල ගැල්ම සිදුවන අතර ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත්කළ ද ඔවුන් පැමිණ ගංවතුර දෙස බලා සිට යනවා හැර මේ වන තෙක් එයට කිසිදු විසඳුමක් ලබා දී නොමැත.
ගම්වාසීන් ඉල්ලා සිටින්නේ රජය මේ සඳහා මැදිහත් වී අවශ්‍ය කටයුතු සිදුකර මෙලෙස ගංවතුරට යටවන ගම්මානය සහ ගම්වාසීන් රැක දෙන ලෙසයි.