ඊයේ (05) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමටයි.
ඒ අනුව මහ බැංකුව තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50%ක් ලෙසත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යාමට යි.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද 4.00% මට්ටමේ නොවෙනස්ව පවතියි.













































