අද (13) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිලයේ දී ආරම්භ වීමට නියමිත අතර අද දින ආරම්භ වන මෙම සැසිවාරය ඔක්තෝබර් මස 08වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
අද දිනයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂේල් බැෂෙලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ,මානව හිමිකම් 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳව මෙම සැසිවාරයේ දී සිය වාචික වාර්තාවෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද දින ආරම්භ වන 48 වන මානව හිමිකම් සැසිවාරයට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවන බවයි සඳහන් කළේ.