ඊයේ (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් රුපියල් ලක්ෂ 217 ක මුදල් වංචාවක් සිදු කල අයකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මේ ආකාරයෙන් මුදල් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු ඉතා ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ජා ඇල ශාඛාවේ මුදල් අයකැමියකු ලෙස සේවය කරමින් සිටින අතර තුර මෙම මුදල් වංචාව සිදුකොට ඇති බවටයි පැමිණිලිකොට ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අද (11) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත බව සදහන්වේ.
සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































