පසුගියදා මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ දමා ගොස් තිබූ බිළිදාගේ මව සහ පියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මෙම සැකකාර දෙපල සහ ඔවුන්ගේ මව්පියන් බිළිදා භාර ගැනීම සදහා එකග වීම හේතුවෙන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔවුන් මුදා හරින ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය වෙතින් ඉල්ලා සිටියද එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.













































