කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කරන ලද අතර එම පත්කිරීම පිළිබඳව ප්‍රථම විරෝධතාවය මතුවී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස එයට විරුද්ධත්වය පලකර ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාලයක ගෞරවයේ සංකේතය වශයෙන් සැලකෙන උපකුලපති ධූරය උත්තරීතර තනතුරක් වන අතර එය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුවන දේශපාලන පත්වීමක් නොවිය යුතු බවට මහා ශිෂ්‍ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම මෙම පත්වීම සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවම දැඩි ලෙස හෙලාදකින බවත් මහා ශිෂ්‍ය සංගමය විසින් ජනපති වෙත දන්වා ඇත.
අදාළ ලිපිය පහතින්,

