මේ වන විට ශ්‍රී ලංකාව තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වන ආකාරයට දිගින් දිගටම සිදු වුවහොත් දෙසැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ covid මරණ සංඛ්‍යාව 12612 ක් දක්වා වර්ධනය විය හැකි බව ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ IHME ආයතනය පවසයි.
මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණ හොත් එදින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත මරණ 22814 ක් බවට පත්වීමට හැකි බවද එම ආයතනය පවසයි.
අද වන විට දිනකට කෝවිඩ් මරණ 150 සීමාව පසුකර වාර්තා වී තිබෙන අතර එය පෙර පැවති තත්ත්වයට වඩා ඉතා ඉහළ සීඝ්‍රතාවයකින් වර්ධනය වී ඇති බව පෙනේ.














































