මේ වන විට වෙළෙඳපොළ තුළ පවත්නා සහල් හිඟයට පිළියමක් වශයෙන් මෙරටට සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව රජය විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය අද (11) දිවයිනට ලඟා වීමට නියමිතව ඇති බවයි වෙළෙඳ අමාත්යංශය සඳහන් කළේ.
මෙම සහල් තොගය ආනයනය කිරීම සිදුකර ඇත්තේ සතොස ආයතනය හරහා වන අතර එලෙම ගෙන්වන සහල් තොගය සමූපකාර සහ සුපිරි වෙළඳසැල් ඔස්සේ අලෙවි කිරීමට නියමතව ඇති බව වාර්තා වේ.
එමෙන් ම මෙම සහල් රු.100.00කට වඩා අඩු මුදලකට ජනතාවට සැපයීමට කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්යංශය සඳහන් කළේ.