සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එම ක්‍රමවේදය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල්හි ක්‍රියාත්මක කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත්තේ, ඕනෑම ගුවන් මගියෙක් පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු/ඇය පැමිණෙන රටෙහි පැය 72කට කලින් කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලවලින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී නැවතත් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්‍ය බවයි.
එමෙන් ම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශීය පුද්ගලයෙකු පැමිණෙන්නේ නම් ඔහු/ඇය ජෛව බුබුලක් ලෙස සිය හෝටලයට රැගෙන ගොස් එහිදී පීසීආර් පරීක්ෂනයක් සිදුකරන බවත් අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වන්නේ නම් ඔහු/ඇය ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පිසීආර් පරීක්ෂණ සිදුකර එයින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරිමට කටයුතු කරන බව ද ආදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්,











